Search This Blog

Saturday, May 21, 2016

Chrome Browser එක speed කරමු


ඔබ Chrome Browser එක භාවිතා කරන අයෙක්ද? එහෙනම් අපි බලමු කොහොමද ඔබගෙ Browser එක speed up කරන්නෙ කොහොමද කියලා..

මෙහිදි ඔබට අනුගමනය කල හැකි ඉතාමත් පහසු පියවර කිහිපයක් මෙම ලිපියෙන් ඔබට පෙන්වා දෙන්නම්.

(1) Disable Plugins
අනිවාර්යෙන්ම ඔබ භාවිතා නොකරන Plugins රැසක් ඔබගේ browser එක තුල සක්‍රියව පවතිනවා ඇති. මෙමගින් ඔබගෙ browser speed එක බාල කරනවා ඇත. ඔබ කල යුත්තේ මෙම අනවශ්‍ය plugins disable කිරීමය. ඒ සදහා ඔබගෙ chrome browser එක open කර පහත address එකට යාමය.

chrome://plugins/

          දැන් ඔබ භාවිතයට නොගන්නා plugins සියල්ල uncheck කරන්න.


(2) Clear browsing data
ඔබගේ browsing data clear කර ගැනීමෙන්ද ඔබගෙ browser speed එක වැඩි කර ගත හැක. මේ සදහා tools > clear browsing data යන්න ලබා දෙන්න.

(3) Clear Extensions
ඔබ සමහර විට සිතනවා ඇති plugins & extensions එකිනෙකට සමානයි කියා නමුත් plugins කියන්නෙ third party programs වගයක් සහ එවා browsing performance වැඩි කිරිමට උපකාරි වනවා.
Extensions ඔබගෙ browsing speed එකට තද බල ලෙස බලපානවා.

      එම නිසා ඔබ භාවිතයට නොගන්නා Extensions disable කල යුතුය. ඒ සදහා browser එකෙන් පහත address එකට යන්න.

            Chrome://extensions/

දැන් ඔබට අවශ්‍ය නැති සියලුම extensions uncheck කරන්න.